Tuesday, December 3, 2013

පරම නිවහල්කම නොහොත් ඕපපාතිකත්වය

කාලයාගේ ඇවෑමෙන්
හොඳත් නරකත් තනි ඉරෙන් වෙන්කොට
මිනිස් හිමිකම් බැතියෙන් සුරකිනා
පරම නිවහල් මිනිසුන් බිහිවෙයි...

කතා කෙරුමට නිදහස
සම අයිතිවාසිකම් හැමටම
කළු සුදු බේද නැත ලොව
දනන් නෙත් කඳුලින් තෙමන...

රටක්, ජාතියක්, ආගමක්  නැති
අරමුණක් හෝ රකින්නට කිසිවක් නැති
දැක්කහම පුදුමයි මිනිසුනි
තොපෙයි අපෙයි කිසි  වෙනසක් නැති!

කව්රුවත් දන්නැති
නැගඑන ඉරට ඇස් නැති
තතනමින් ඔහු අසයි කිසිවක්
මෙයද මා මග සෙස්සනි?

No comments:

Post a Comment