කප්පරක් දරුදුක හිස රඳන්
ගාටන මේ දුග්ගයේ සෙනෙහෙන්
විඩාබර නෙතුයුග හඬයි නම්
සයුරු දිය පරදවයි එකඳුළු පැන්
ඔබ පෙව්‍කිරේ ණය හිලවුවටනම්
කල් නොහේ මෙතේබුදු දකිනා තරම්
ඔබ පිරූ මවුගුණ බෙලෙන් දිරියෙන්
මිදෙනු මැන මෙසසුනේම පැහැදී
දහම් දැක සසරින් විගසින්