Friday, October 5, 2012

ඔබ සඳහන් කරන සමාජවාදී නොවන ධනවාදීත් නොවන එම මාර්ගය කුමක්ද?



උදිතගේ සටහන් කීපය මම කියෙවූයෙමි. ඒහා සබැඳුණ කොමෙන්ටුත් කියවුයෙමි. නමුත් ඔබ සඳහන් කරන සමාජවාදී නොවන ධනවාදීත් නොවන එම මාර්ගය කුමක්ද?

ඔබත් මමත් රටෙන් බැහැරව දියුණුවූ රටවල් වලට වී අප රට දෙසට නෙත් යොමා සිටිමු. මේ විචාර සියල්ල අපේ සිතුවිලිය. නොමිලේ අධ්‍යාපනය ලබා, පිටරටවලට ගැලපෙන සුදුසුකම් ලබා අපි දියුණුවූ රටවලට පැමිණ ඇත්තෙමු.

අප රටේ බොහෝ පුරවැසියන් අප මෙන්ම අවංකවූත් අහිංසකවූත් මුග්ධයන් වෙති. එය ඔවුන් හටද කාලයක් තිස්සේ පුරුදු පුහුණු කරනු ලැබූ එම ආකල්ප වෙනස් කිරීම උගහටය. සංසදනාත්මකව ලෝකය දැකීමෙන් තම ගමන් මග වෙනස් කරගැනීමේ ක්‍රමයෙන් ඔවුන් ඈත් කරන කාරණා සැදී ඇත්තේය. නමුත් එය ඔවුන්ගේ උරුමය නොවිය යුත්තේ ලොව නව ප්‍රවණතාවයන්ගෙන් ඔවුන් සඟවා තැබුයේ ඔවුන් විසින්ම නොවන නිසාය. 

මා හට ආර්ථික දැනුමක් නොමැත. ඇසූ පිරූ දේශපාලන දැනුමක් ද නැත. නමුත් ජීවත් වීමෙන්ම ලද අත්දැකීමෙන් මට පෙනෙන්නේ මෙයයි.

  1. අප රටේ දියුණුව වෙනුවෙන් ක්‍රියාත්මක වන සාර්ථක සැලසුම් අල්පයකි. බොහෝ විට එකිනෙකට පරස්පර විරෝධී ප්‍රතිපත්ති වලින් සමන්විතවනවිට එකී සැලසුම් වල සම්ප්‍රයුක්තයේ දිශාව හුදෙක් රටේ සංවර්ධනය සඳහාම සිදුනොවේ. දිනෙන් දින විවිධ වියාපෘති සංවිධානය වුවත් ඒවා අතර සමායෝජනයක් නොමැති වීමෙන්ද ඒවායේ අත්‍යන්ත අරමුණ රටේ සංවර්ධනමාවතෙන් ඉවතට ගෙනයයි. එබැවින් රාජ්‍ය යාන්ත්‍රනය සියළු ක්‍රියාපටිපාටීන්ගේ ක්‍රියාකාරිත්වය රාජ්‍යයේ සංවර්ධනය උදෙසාම සිදුවන බව තහවුරු කල යුතුය.
  2. අධ්‍යාපනය රටක අනාගතය සඳහා කරන ආයෝජනයකි. නමුත් කුමක් අරබයා එම ආයෝජනය සිදුකරන්නේ දැයි සැලසුමක් නොමැති කල එය විනාශයකි. අධ්‍යාපනය යනු පුද්ගලයෙකුගේ සියළු අංශයන් ගේ සංවර්ධනය විනා යම්කිසි තරඟ විභාග සඳහා සුදානම් කිරීම නොවේ. නුතන ලෝකය තුල තම තමන්ගේ කුසලතා සහ අපේක්ෂා වලටද අනුකූල වන පරිදි රටේ ආර්ථික පරමාර්ථ කරා ලඟාවියහැකි ක්‍රම සැලසුම් කලයුතුය. නුතන ලෝකයේ ගෘහ සේවිකාවක වීමටද ඉගෙන ගතයුතු දේ බොහෝය. ඉංගිරිසිය නැතුව කළහැකි දෙයක් නොමැති බව දන්නේ පිටරට ගිය පසු නමුත් කතාකරන ඉංගිරිසි උගන්වන ගුරුවරු පාසල්වල අල්පය.
  3. දීර්ග දීර්ග කාලයක් තිස්සේ රැගෙන එන සමාජ සංකල්ප හේතුවෙන් රැකියා, වැටුප්, නිලතල, අනුව සමාජ මට්ටම් වර්ගීකරණය වී ඇති අතර සියලු පූර්වාදර්ශයන් මගින් එය තව තවත් ශක්තිමත් කරමින් පවතී.
  4. ලංකාවේ උසස් සහ පහත් පෙලේ රැකියා ඇති නිසා කිසිවක් කර කියාගත නොහැකි අය පමණක් පහත් පෙලේ රැකියා තෝරා ගනිති. නිලතල වලින් ඉහල යන අයට අඩු වැඩ කොටසක් කරන නිසා බොහෝ දෙනෙක් කෙසේ හෝ නිලතල ලබා ගැනීමට සිතති. නමුත් නිලතල ලබන බොහෝ අයට ඒ සඳහා සුදුසුකම් නොමැත. 
  5. දේශප්‍රේමී උගතුන්ගෙන් මුක්තවූ ආත්මාර්ථකාමී මුග්ධ දේශපාලනය කෙරෙහි ඇති ජනතා අවිශ්වාසය නිසා තව තවත් බුද්ධිමතුන් ගේ නියෝජනය වැළකේ. දේශපාලනයට ඒමට වාහන අවශ්‍යයය. මැරබලය, තුවක්කු, පෝස්ටර් හොර චන්ද හා ගුණ්ඩු පිරි නොදියුණු දේශපාලනය හැරුනුකොට සැබෑ දියුණුවක් පිලිබඳ සිහිනයකුදු හෝ ඇතිකරන කෙනෙක් නැත. ඇති විශාල පිරිසක් මේ ව්‍යාපාරයේ යෙදෙති. ඔවුන්ට සිතුසේ රඟනු දී බුද්ධිමතුන් තම ජීවිතගැන සිතා නිහඬව සිට අවසානයේ රට හැරයත්. දේශපාලුවෝ නීතිය දුෂනයකොට අවසානය. 
  6. ආගම තව දුරටත් නිර්වචනය වන්නේ අධ්‍යාත්මික සංවර්ධනය කෙරෙහි නොවේ. පිරිස් තමා ප්‍රිය කරන පුජ්‍යපක්ෂය සමගින් අන් පිරිස් හා සටන් වදිමින් සිටිති. හාමුදුරුවරු කියන්නේ තමන්ට කැමති බණය...ක්‍රිස්තියානි පූජක පිරිස් දුප්පත් මිනිසුන්ට උදවු දී ඔවුන් බෞතීස්ම කරයි. මුස්ලිමානුවන් වෙහෙරවල් බිඳ පල්ලි සාදති. කිසිවෙකුට සාමයෙන් සිටීමට ඔනෑ නැත. තරඟය සියල්ලටම වඩා වැදගත්ය.

මෙකී හේතු කාරණා නිසා රටේ දියුණුව ගැන සිහින දකින අපි අප ඉදිරි සැලසුම් පිළිබඳව ප්‍රවේශම් විය යුතුය.

අපට ඉතිරිව ඇති ගැලවිජ්ජාවන් සලකා බලනකල අධ්‍යාපනය ඉන් ප්‍රධාන තැන ගනී. පළමුවෙන්ම අපේ අතීතය පිලිබඳ පුරාජේරු පසෙකලා දැනට ලෝකයේ නව ප්‍රවනතාවයන් සහ ඒ හා බැඳුනු විද්‍යාවන් අප අද්‍යයනය කල යුතුය. මේ කතිකාවට ඉංගිරිසිය නැතිව බැරිය තාක්ෂනය නැතිව බැරිය කලාවන් සහ අගුලු නොදැමූ සිතුවිලි නැතිව බැරිය. අලුතෙන් ඉපදෙන සිඟිත්තන්ගෙන් පටන්ගෙන බුද්ධිශෝධනයකොට තම උත්සාහයෙන් හා හැකියාවෙන් තම පැවැත්ම සලසා ගැනීමේ ශිල්පය ඉගැන්විය යුතුය. ඒ අතරේ එය කියාදෙන අයද ආදර්ශමත් විය යුතුය.

ගුරු ගීතය මට සිහිපත් වන්නේ නිතැතින්මය. අප ධනවාදයද, සමාජවාදය මම නම් කිරීමට පවා නොදන්නා අනෙක් වාදයන්ද සහමුලින්ම අමතක කොට අපේමවූ වාදයට අනුව ක්‍රියාත්මක විය යුතුය. එවන් ගමනකට මුලපුරන අධ්‍යාපනයකට අපේ බදු මුදල් යෙදවිය යුතුය. ප්‍රතිලාභ ලබන්නෝ සුළුතරයක් වුවද කෙමෙන් ඔවුන්ගේ ප්‍රමාණය වැඩිවනු ඇත. එදිනට ඔවුන් ඔවුන්ගේ මුදල් ගෙවා ඉගෙනීමට ඉල්වා සිටිනු ඇත.

No comments:

Post a Comment