Friday, August 10, 2012
විරාමයක විරාමය
සතිත් සිතුවම වල්බිහිවී ඇත...
පෙරුම් පුරා දහසක් සිතිවිලි පෙරදැරිකොට මා විසින් පටන් ගත් බ්ලොගය වල් බිහිවී ඇත.
නැවතත් එය නිමකල තැනින් එය පටන් ගන්නට අවැසිය!
මා බ්ලොගය ලිවීම අත්හැර දැමුවේ නැත.
නමුත් සියලු වෙර යොදා කලයුතුව තිබූ වෙනත් කාරණාවක් නිසා එය අතපසු විය.
නමුත්, තිතෙන් තිත පිරෙමින් තව තවත් ඇඳෙන මේ සිතුවම එලෙසම ය...
දකින තිත් එකතුකොට මනසින් සිතුවම් මවන මා වැන්නන් සිටින තෙක්
සිතුවම් සදාකාලිකය...
මේ සිතුවම අයිතිකරුවා දැන් ඉන්නේ වෙන දීපන්කරයකය.
කොලු පැටවුන් දෙදෙනාත්, ඇඹනියත් සමග මේ දීපන්කරේට ආවේ මීට ටික කලකට පෙර නමුත්
ගෙයක් නැති සොවින් පෙළුන අපහට ඒ සඳහා කැපවන්නට සිදුවුනේ
මේ සිතුවමේ කටයුතු මඟහැරුනු ඔය කියන කාලයේ ය.
කාලය ගතවී ඇත. දැන් සිතුවම ඇඳෙන්නේ අපේ අලුත් ගෘහයේ සිටය...
එහෙයින් (නො)බලාසිට පලක් නැත...
Labels:
ගමන් මඟ
Subscribe to:
Post Comments (Atom)
No comments:
Post a Comment