මගේ සතිත් සිතුවමේ දශක දෙකකට ආසන්න කාලයක් සිතුවම් වන්නේ එක්තරා කන්දක් වටාය. සැමදා මා සිතින් ආදරය කරන ඒ කන්ද ලොව ඇති පියකරු ස්ථානයන්ගෙන් එකකි. මා කියන මේ මහා කන්ද තරමින් විශාල නොවුවත් මේ මත කරක් ගසමින් සිප් සත හදාරා ලොව පුරා යෙහෙන් වැජඹෙන බහුතරයකට මෙය වටිනා තැනකි.
කොල්ලන්හටද කෙල්ලන් හටද වෙන් වූ සිප්හල් දෙකක් රැඳුන මෙබිම එක පසෙකින් දිවෙන රේල් පාරටත් අනෙක් පසින් නගරයටද, කුඩාගම් හරහා යමින් අග නගරය වෙත දිවෙන තවත් මගකින් ද මායිම්ව ප්‍රතාපවත්ව නැගී සිටී. සතිත් සිතුවම අඳින මාද මෙහි තිත් පුරන බොහොමයක් ද මෙකී කන්ද තරණය කළවුන් ය. තරණය කළා පමණක් නොව ඔවුන් එහි බොහෝ සිදුවීම්ද ඇතිකලවුන් වන්නාහ!
හැත්තෑව දශකයේ මැද භාගයෙන් පටන්ගෙන අසූව දශකයේ අග දක්වා අපි මේ කන්ද මත දිදුලන "තෙතරු" විදුහලේ සිසුවන් වීමු. 'හය හතර' නොදන්නා නොදරුවන් සේ මෙබිමට පැමිණි අපි 'හය හතර' ද , අනෙක් ඉලක්කම්ද තවත් දේ ද ඉගැනීමු.
සියල්ලටම වඩා වටිනා "තෙතරු පෞර්ෂය" ලදිමු!
No comments:
Post a Comment